2020 ජනාධිපතිවරණය සඳහා මධ්‍යස්ත මතධාරීන්ගේ පොදු සම්මුතිය

මෙය කා සඳහාද?

ඔබ කැමති අපේක්ෂකයාට ඇති සැබෑ ජනමතය දැන ගැනීමට කරුණාකර එක් වරක් පමණක් ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න Live

  • Rohan Pallewatta
    16% 12 / 73
  • Nagananda Kodituwakku
    61% 45 / 73
  • Other
    21% 16 / 73

මීලග ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වලින් බොහෝවිට ඉදිරිපත්වීමට යෝජිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා පවතී යුද්ධය නිම කිරීමට විශ්ෂ මෙහෙවරක් කල අයෙක් බව අවිවාදයෙන් කිව යුතුය. නමුත් අන්තවාදී කල්ලි පෝෂණයද ඔහුගෙන් ආරම්භ වූ බවට හා රාජ්‍ය දේපල, මුදල් හා නීතිය අවභාවිතය පිලිබඳ ඔහුට විශාල වශයෙන් චෝදනා ඇත. රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ගැන අමුතුවෙන කිවයුතු නැති අතර ඔවුන් ගැන තක්සේරු කිරීමට 2019 අප්‍රේල් මස සිදුවූ සියලු සිදුවීම් හොඳටම ප්‍රමාණවත්ය.  


මෙතෙක් පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම මෙහෙහවනු ලැබුයේ සුළු ජාතික පක්ෂ විසින් බව නොරහසකි. ඒ, සිංහලයින් වන අපි හැම විටම පක්ෂවලට බෙදී මාරා ගත්  අතර සුළු පක්ෂ එකාවන්ව ඔවුන්ගේ අරමුණු කරා නිරන්තරයෙන්ම යමින් සිටින බැවිනි.  බොහෝ විට එළඹෙන ජනාධිපතිවරණය හා ඉන්පසු එන මහා මැතිවරණය අපට ලැබෙන අවසාන අවස්ථාව විය හැක. පකිස්ථානය, යුක්රේනය ඇතුළුව ලොව බොහෝ රටවල පැවති දේශපාලන ප්‍රවාහය උඩු යටිකුරු කරමින් මෑතකදී සිදුවූ  වෙනස් කම් වලට අනුව ශ්‍රී ලංකාව තුලද තුන්වෙනි විකල්පයක් වෙත යාමේ සුභවාදී ප්‍රවනතාවක් නිසැකවම පවතී. අන් ජනවර්ග වලද සහය ඇතුව එකී තුන්වෙනි පාර්ශවය හඳුනා ගැනීම හෝ නිර්මාණය කිරීම 75% පමණ වන සිංහල අපගේ පූර්ණ වගකීම වේ. ඒ තුලින් ත්‍රස්තවාදී අදහස් නොමැති අනෙකුත් ජනවර්ග වලට අයත් අපේම සහෝදර ජනතාවට මේ රට තුල සාමකාමීව ජීවත් වීමේ අවස්ථාව උදා වනු ඇත. 


වෙනදා  මෙන් මෙම සිදුවීමද අමතක වී යාමට පෙර අප නොපමාවම ක්‍රියාත්මක විය යුතුව ඇත. මේ අප පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක අවධියක් වන අතර මෙය අපට අපේම නායකයෙක් අන් කවරදාකටත් වැඩියෙන් තදින්ම අවශ්‍ය වී ඇති කාලවකවානුවකි. මේ වන විට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ගෙන් ඉදිරියෙන් සිටින්නේ නගානන්ද කොඩිතුවක්කු සහ රොහාන් පල්ලෙවත්ත යන මහත්වරුන්ය. ඔවුන් ප්‍රධාන වශයෙන්ම පිලිවෙලින් නෛතික රාමුව ශක්තිමත් කිරීම හා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටී. මෙය සටහන් කරන මගේ  පෞද්ගලික මතය නම් විශාල වශයෙන් කඩාවැටී ඇති නීති පත්ධතිය මුලින්ම ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ තුලින් අනෙක් ක්ෂේත්‍ර  සංවර්ධනය කල යුතු බවයි. නමුත් ආර්ථිකයද එලෙසම විශාල පරිහානියකට ලක්වී ඇත. කෙසේ නමුත්, තුන්වෙනි විකල්පයක් බලාපොරොත්තු වන බහුතර ජනතාවගේ මතය මගේ මතය නොවුවද, මම මගේ ඡන්දය බහුතර මතය වෙනුවෙන් නිසැකවම භාවිතා කරන බවට පොරොන්දු වෙමි.  මෙම අපේක්ෂකයින්ට අමතරව වෙනත් අය බහුතරයක් යෝජනා කරන්නේනම්, එම අපේක්ෂකයින්ද ඉදිරියේදී මෙයට ඇතුලත් කරනු ඇත.   


මෙම උත්සාහය මීලග ජනාධිපතිවරණය තෙක් පවත්වාගෙන යා යුතු බැවින් ජාතිවාදී ප්‍රකාශ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 


ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා ඉතාම ගෞරාවයෙන් බලාපොරොත්තු වන අතර නැවත ශ්‍රී ලංකාව ගොඩ ගෙන සංවර්ධනය කරා යොමු කිරීම සඳහා අවශ්‍ය බුද්ධිමය කතිවතක් වෙනුවෙන්  මෙසේ  දොරගුළු විවර කරන්නෙමු.